Monday 16 September 2024

මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්

රුවන් පුරයක කිරුලු පලඳින රැජිණ නුඹමද කියාපන්
හිතේ පූදින ප්‍රේම සිතිවිලි මගෙම විතරද කියාපන්
එදා වගෙ අද ලඟන් හිඳගෙන උරතලේ හිස හොවාපන්
විඩෙන් විඩ නුඹ මගේ ගැන කියු පෙම් කවිය අද කියාපන්

නා දල්ලෙ රස තවම එහෙමද ආයෙමත් මට කියාපන්
එදා පුරහඳ තවම එහෙමම මගේ අහසට පායපන්
සුසිඳු ලැමැදේ හිස තියාගෙන මගෙම හිත අද සනසපන්
හෙමින් ඈතිට යන්න යන නුඹ මතක පොත මගෙ පුරවපන්

ලවන් සනසපු සුමුදු වදනින් මුමුණාපු කවි තෝරපන්
මුර කපොලු බිඳ හෙමි හෙමින් ලියු මතක පොත තුල හොවාපන්
අලුත් ලොව තුල කිරුලු පළඳින දිනයෙදිම හිත තද කරන්
මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්

2 comments:

  1. වතුර නැතත් මහවැලිය මතකවලින්ම පිරිලා ඇති! අර ජනප්‍රිය සිංදුව අහලා කීදෙනෙක් නම් දාන්න ඇත්ද?

    ReplyDelete