Thursday, 30 January 2014

KG

බිඳුවක් ගත්තොතින් එය ඔසුවක් වෙනවා
වැඩියෙන් ගත්තොතින් ඔබ ඇබ්බැහි වෙනවා
මතකෙට ගන්න යැයි කෙප්පය කිය වෙනවා
නැතුවත් අපේ මතකය නම් පිර වෙනවා


කොල්ලන් කුරුට්ටන්ගේ ජීවිත වලට
පන්නන් ඇවිත් දෙන්නාවූ වද වලට
දරුවන් තොපිට ඉන්නාවූ මතු කලට
සෙල්ලන් නොවෙයි උන් ඇබ්බැහි වූ දාට


Sunday, 19 January 2014

අමතක වුන කවි පොතට.....

කවි ලියන මගෙ පොත කොහේදැයි
දන්නවා නම් කියාපන්
අන්තිමට මම ලියුව කවියේ
පද අමතකයි බලාපන්
කවි ලියන මගෙ සිතේ කෙලවර
ටිකක් තද කර බලාපන්
කොහේ හරි පොඩි හිලක් තිබිලා
ඉතිරි කවියක් සොයාපන්