පෙම්බස් දොඩන නුඹ ඇල වී උරහිසට
අතැඟිලි හෙමින් මිරිකාගෙන ඉන්නකොට
යන්තම් හොරෙන් එබිලා මාගේ නෙතට
මුමුණා කියයි තොල් උල් කරමින් කණට
මවුපිය කැමැත්තක් හැමදා නැති හන්දා
ආදරෙ කරන නුඹ හැමදා පැතු හන්දා
ජීවිතෙ අඳුරු කර ගන්නට බැරි හන්දා
එන පෝයට නුඹ යනවද මා කැන්දා
කන්ද දිගේ උඩටම පය තියන කොට
බතුයි පරිප්පුයි දෙවේල කැවෙන කොට
පැල තුල වැහි බිඳු එක දෙක වැටෙන කොට
අමතක වෙලා යයි පෙම් කල බව නුඹට
සතියක් දෙකක් පෙම් බස් කියමින් ඉඳපූ
වරුවක් දෙකක් ලඟ ඉඳ හිස අත ගාපූ
මිනුමක් නැතත් දෙන්නෙමි සැප යැයි කියපූ
දිනයක් කොයිද අමතක වෙයි පෙම් කරපූ
අතැඟිලි හෙමින් මිරිකාගෙන ඉන්නකොටයන්තම් හොරෙන් එබිලා මාගේ නෙතට
මුමුණා කියයි තොල් උල් කරමින් කණට
මවුපිය කැමැත්තක් හැමදා නැති හන්දා
ආදරෙ කරන නුඹ හැමදා පැතු හන්දා
ජීවිතෙ අඳුරු කර ගන්නට බැරි හන්දා
එන පෝයට නුඹ යනවද මා කැන්දා
කන්ද දිගේ උඩටම පය තියන කොටබතුයි පරිප්පුයි දෙවේල කැවෙන කොට
පැල තුල වැහි බිඳු එක දෙක වැටෙන කොට
අමතක වෙලා යයි පෙම් කල බව නුඹට
සතියක් දෙකක් පෙම් බස් කියමින් ඉඳපූ
වරුවක් දෙකක් ලඟ ඉඳ හිස අත ගාපූ
මිනුමක් නැතත් දෙන්නෙමි සැප යැයි කියපූ
දිනයක් කොයිද අමතක වෙයි පෙම් කරපූ