රත් පැහැ දෙතොල් නිල් වරලස වසන කොට
සිහිනිඟ පුලුණුකුල නටවා දුවන කොට
වටකුරු මුහුණ දිගැස් වලින් බලන කොට
වටකොට පවුරු මොකටද හිත බැඳෙන කොට
රන්කඳ කියා ඇගෙ හිත ළඟ මුමුණන්න
පින්කඳ නුඹයි මගෙ හිත මතු සනසන්න
ඉන්නද කියා ඔබෙ නලලත සිපගන්න
ඇයි අද පමා මගෙ හදවත පවසන්න
හොරැහින් එබී බැලුවම ඇගෙ සවන් යුග
පැටලී තිබුනෙ තවෙකෙකුගේ වදන් වල
වස්තුව කියා ඔහු අමතන නුවන් යුග
දුටුවම බිඳුණෙ මගෙ හදවත උපන් පෙම