Thursday, 25 November 2021

සිහින රුව

 සංසුන් වන මැදක සැඟවී ගලන දොල

බිඳිමින් දිය පහර ඇදිලා වැටෙන හැඩ

යන්තම් නුඹ තෙමෙන විඳිනා අයුරු දැක

සංසුන් දිය ඇල්ල වෙනවා තවත් හැඩ


වංහුං හොයන උන් ඉඳලා කැලේ මැද

සීතල දියේ පෙඟෙනා දිය රෙද්ද ඇඟ

සංසුන් ඇල්ල ලඟ දැකලා නුඹගෙ රුව

බිඳිලද කොහේ කුමරුන්ගේ බඹර සර


කලුවර වැටීලා ගොම්මන ගෙවෙන සැනින්

සඳරැස් ගලාලා තුරුපත් අතර මැදින්

වරලස ගසාලා දිය බිඳු වැටෙන හඬින්

සිහිනය බිඳීලා අහැරුණි මමද සැනින්

 











Sunday, 25 July 2021

නුඹට ආදරෙන්.....

 ඇත්තමයි මගේ හිත පුරා නුඹ දුවනවා

ආදරේ හැඟුම් මට යලි යලිත් දැනෙනවා

හීනයක් වගෙයි නුඹ මැවි මැවී පෙනෙනවා

ආදරෙයි මං නුඹට මගෙ වෙන්න පතනවා


දුරක හිටියත් මටම ලඟ බවක් හැඟෙනවා

හිතේ හිරවුන මතක එහෙ මෙහෙට දුවනවා

ලඟ හිටපු දා දැනුන සුවඳ තව දැනෙනවා

ඇත්තමයි ආදරේ හෙමින් උඩු දුවනවා


Wednesday, 26 May 2021

පෝය දා සද මෙන්ම...

සඳ  එලිය වසාගෙන

අඩත්තෙට්ටම් කරන

වලාකුලු දෙක තුනක්

අහස් කුස පුරාවට

කලු කබා පොරවගෙන

දෑත් අල්ලාගෙනම

සොල්දාදුවන් මෙන්

රජ කුමරියක රකින

සඳට මා නොපෙනෙන්න

වසා රැක ගන්නට

තැත් කරන අපූරුව

පෝය දා සඳ එලිය

පවුරු වලලු අතරින්

වලාකුලු රැකවලුනගෙ

කබා රැලි අතරින්

විටින් විට හෙමි හෙමින්

එබිකම් කරන හැටි

නුඹගෙ පෙම වාගේම