රුවන් පුරයක කිරුලු පලඳින රැජිණ නුඹමද කියාපන්
හිතේ පූදින ප්‍රේම සිතිවිලි මගෙම විතරද කියාපන්
එදා වගෙ අද ලඟන් හිඳගෙන උරතලේ හිස හොවාපන්
විඩෙන් විඩ නුඹ මගේ ගැන කියු පෙම් කවිය අද කියාපන්
නා දල්ලෙ රස තවම එහෙමද ආයෙමත් මට කියාපන්
එදා පුරහඳ තවම එහෙමම මගේ අහසට පායපන්
සුසිඳු ලැමැදේ හිස තියාගෙන මගෙම හිත අද සනසපන්
හෙමින් ඈතිට යන්න යන නුඹ මතක පොත මගෙ පුරවපන්
ලවන් සනසපු සුමුදු වදනින් මුමුණාපු කවි තෝරපන්
මුර කපොලු බිඳ හෙමි හෙමින් ලියු මතක පොත තුල හොවාපන්
අලුත් ලොව තුල කිරුලු පළඳින දිනයෙදිම හිත තද කරන්
මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්
මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
Monday, 16 September 2024
මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්
Subscribe to:
Posts (Atom)