මගේ කවි...!
මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
Monday, 17 March 2025
Sunday, 16 March 2025
Wednesday, 5 February 2025
Friday, 13 December 2024
අන්නේකයි....!
ගියපු රැල්ලට..
බුදුනුත්...
කතා ඇහුවනම්...
පස්වග මහණුන්ගේ...
අද..
ගෞතම නෙවෙයි...
තාමත් සිද්ධාර්ථ...
Thursday, 17 October 2024
නුඹට කී රහස
සඳ හැකිනම් කියාපන්
මං කීව රහස
සඳ එලිය විදියට ගිහින්
රහසින්ම ඇයට...
ඇය දන්නවා ඇයට වග...
පණිවිඩය..
ඒත් නෑසුනා සේ ඉඳීවි...
නමුත්, අසා ඉඳපන්
ඇගේ හදවත හෙමින් කොඳුරාවි
මා කී දෙයම රහසක් ලෙසට..
තද කර හිඳීවි හිතේම
ඒ අපූරු රහස
Tuesday, 15 October 2024
වචන....
වචන,
මිනිස්සු අඬවනව
ඒ වචනම
මිනිස්සු මරවනව
සමහර තැනක
මරව මරව ජීවත් කරවනව
ඒ වචන වලටම පුලුවන්
මැරෙන නොමැරෙන
ජීවිතයක් ජීවත් කරවන්න
අඬන මිනිස්සු හිනස්සන්න
එකම එක වචනයකින්
ජීවිතේම රිදවන්න
නොහිතාම කීවත්
සමහර කෙනෙක්ගෙ
හදවත පතුලේම රිද්දන
හරිම පුදුමයි මේ වචන
අදත්,
මාව අඬවන, මරවන,
ආයෙ ආයෙත් ජීවත් කරවන
වචන.....
Tuesday, 8 October 2024
Subscribe to:
Posts (Atom)