වරකදි නුඹට මා පෙම් කල අතීතය
සිහිවන විටදි කඳුලැලි ඇයි නෙතු අගට
මන්දාරමක හිස් අහසම බලාගෙන
නුඹ සිහි කරමි මතු භවයක පතාගෙන
ලංවී මෙමට අත් පටලා ගිය අයුරු
මිමිණූ වදන් පෙම් මදිරා රස මියුරූ
නා දලු දෙතොල් අඩ සඳ නලලත සිඹපූ
අමතක කරනු කොහොමද හද ගැහෙන තුරූ
නිල් නෙතු නුඹේ සිහිනෙන් මා සනසවන
හිස අත ගා තවමත් පෙම් බස් දොඩන
ඉඳහිට මගේ හිත පතුලේ රිදුම් දෙන
රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල
No comments:
Post a Comment