Wednesday 20 December 2023

ඇයිද තහනම?

ගාලු කොටුවේ කොටු බැම්ම මත
ක්ෂිතිජ කෙළවර ගිලෙන හිරු දෙස
ලංදේසියගෙ හිරකූඩු වල
කපල් හිටියෙම ඇස් පියාගෙන
පොලවෙ හැප්පෙන බූට් වල හඬ
කාකි කලිසම් යුනිෆෝම් වල
නිතර ඇහුනෙම 'ඔහොම හිටපිය'
ප්‍රේමයත් ඒ තරම් වැරදිද?
බැම්ම උඩ දණ ගස්සවාලා
බැටන් පොලු හරි තදින් වනලා
මරා දැම්මම බිළිඳු ප්‍රේමය
උන්.....
ලක් මවුන්ටත් පෙම් කරාවිද?

Tuesday 25 July 2023

නුඹ රැජිනක්, මම රජෙක්...

හිත්වත්කම් වල නොදැනම තැනකදි
අපි අපෙ හිත්වල ලැගුම් අරන්...
නුඹත් මගේ ලඟ ඇවටී දැවටී
ගතකල හැටි ඒ සොඳුරු දවස්...
හෙමින් හෙමින් අමතක කරල දාල
රජකම අරගෙන යන්න ගිහින්...
ඇත්තමයි නුඹ හිටියනම් මම ලඟ
නුඹ රැජිනක්, මම රජෙක්...
රාජ්‍යයක් නැතුව උනත්
හිත්වල සංතෝශය එක්ක...
ලං වෙන්න තිබුන, බාධක නොතිබුනා නම්...
බාධක බිඳල එද්දි නුඹ ගිහින්...
මං හිතනව තාමත් නුඹ රැජිණක්...
වෙන රාජ්‍යයක, වෙන රජෙකුගේ..
එතකොට මම...?

Monday 30 January 2023

හේතු

මට කවදාවත් බැරිවෙයි
උඹට ආදරෙයි කියන්න..
*******
හේතුවද??
හේතුව, 
නුඹ පිපුණු මලක්...
මම පරවුණ මලක්...

Monday 26 September 2022

නොතේරෙන හිත්...

යසෝධරා වුනත් දැන උන්න නම්...

සිදුහත්ගේ ප්‍රශ්ණ....

එලිවෙනකම් ඇහැරිලා රකිනව....

යන්න නොදී කලුවරේම...

වෙලාවකට හිතෙනව...

වෙලාවට....

ඔය ගෑණු හිත්වලට..

නොතේරෙන්නේ...

පිරිමි හිත්වල ප්‍රශ්ණ..

තේරුණානම් කොයින් ද...

ගෞතම බුදුන්....


Tuesday 19 July 2022

ප්‍රේමයත් වාතයක්...

ඕන නැති තැන් වලදි දලු දාන සාපයක්
ඇස් කෙවෙනි තෙත් කරන සොඳුරු එක මතකයක්
හිත අගින් සීරුවට ගලා යන කවි පෙලක්
ප්‍රේමයත් එක් වරක මහම මහ වාතයක්


පද පේලි ගලපන්න බැරි වෙච්චි එක තැනක්
නුඹේ හදවත ලඟින් ඉන්න නැහැ මට පිනක්
සිනාවක් ගෙන එන්න මගෙ ලොවට එක් වරක්
ලබාගනු බැරි නුඹේ ප්‍රේමයත් පාපයක්


හීන එකිනෙක සෙමෙන් ලං වෙද්දි මට හුඟක්
නුඹ එක්ක තැනූ ඒ මාලිගා මහ හුඟක්
හිමි නැතැයි තේරෙද්දි නුඹෙන් මට ප්‍රේමයක්
දැනෙනවා ප්‍රේමයත් මහම මහ වාතයක්

Monday 4 July 2022

දෙනුවන් අමතා....

දෙනුවන් අමතා කතා කලා
හදවත ගොලු වී නොකී කතා
අද පමණක් හමුවන බව දැනිලා
මටත් හොරෙන් ඇහි පිය තෙමිලා...
මටත් හොරෙන් ඇහි පිය තෙමිලා...

පෙර අප දෙදෙනා හමු වී රිසිසේ
අත් පටලා ඇවිදන් ගිය මාවතෙ
නුඹේ මතකයන් සිරකර තියලා
සෙවනැලි පමණක් ඉතිරි වෙලා...
සෙවනැලි පමණක් ඉතිරි වෙලා...

යසෝධරාවක් ලෙස නුඹ දැකලා
සසර පුරා ඉන්නයි පැතුවේ
මෙතැකැයි කියලා නිමකරනට බැරි
දුකකයි අප අද තනි වූයේ...
දුකකයි අප අද තනි වූයේ...

Thursday 19 May 2022

සොඳුරු අප්සරා

හද කොහේ හරි තැනක නිදනවා ඇති
නුඹ කොහේ හරි තැනක හිඳිනවා ඇති
අපි අපේ ගැන හිතෙන් හිතනවා ඇති
මතු මගේ හද නුඹම පතනවා ඇති

ලං වෙන්න දෙහද හෙමි හෙමින් ඉකි ගසා
පෙම් කරන හැටි ලඟින් හිඳ හෙමින් දොඩා
මියුරු පෙම් වදන් තුල වෑහෙමින් නුරා
නුඹයි මගෙ හද අරණෙ සොඳුරු අප්සරා

රනින් කල රුවක් මෙන් මගේ හද මැදුරෙ
වෙලා මහ රැජිණි සෙමින් ඉඟි මැරුවෙ
ටිකක් ඇහුනොත් මගේ ප්‍රේමයේ සද්දෙ
මටත් රජ වෙන්න හැකි ඔබගෙ හද මැදුරෙ