Tuesday 2 April 2013

සිඳ එන්න යදම......


අද වගේ දිනෙක
නුඹ මගේ මතකෙ
හිටියනම් කෙලෙස
දැනේවිද හිතට
සත්තකයි නුඹට
සිතෙයි මතු දිනෙක
අතැර ගිය මම ම
නුඹේ මුළු ලොවම
සිතුනාට එලෙස
ලංවෙන්න නොහැක
යදම් ඇත නුඹට
සිඳ නොහැකි ලෙසට
නමුදු මගෙ සිතට
බැහැ දුරක යන්න
මතක පිටු අතර
තාම නුඹ පමණ
යදම් නැති අදම
සිතනු මතු ගැනම
සිඳිය හැකි විගස
සිඳනු එනු පිණිස

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!