Thursday 23 May 2013

සංසාරයේ පැතූ ලෙසින්

සංසාරයේ හැටි
අපව වෙන්කල
දෛවයක සරදම
ඇයිද මේ තනිකල
නිහඬ නෙතු යා කල
දිනෙක අප හමුවුන
අහඹුවක අරුමය
ඇයිද හද යාකල
කෙලෙස අද දුරකද
ගතින් සිත වෙන් කරන
නැතිද නුඹේ සිත තාම
දන්නෙ මගෙ ආදරය
කඳුල හිමි නෙතු අගට
වන්න වියලන කතර
වියලාපු හදට නුඹ
වන්න ආදර වැස්ස
සත්තකයි දිනෙක මතු
එක්වේවි මා එක්ක
සංසාරගත බැඳුම
සපත කර මුළු ලොවට

Sunday 19 May 2013

නුඹ එක්ක.....

වෙසක් පෝය දා හවසට
ඔයත් එක්ක හනි හනිකට
ගමේ පන්සලේ මළුවට
හිතෙනව මට ඇවිදින්නට

අරන් ගියපු මල් දහයම
පූජ කලා අපි බුදුන්ට
එකට ඉඳන් පැතුවේ අපි
නිවන් දකින්නට මතුවට

එළිය බෙදන පහන් වැටේ
ඇවිද ගිහින් මළුව වටේ
පත්තු කරපු පහන් දෙකේ
එළිය පේනවාද නඟේ

වැටිලා හඳ එලිය නුඹේ
එක්වුනාම සිනා මුවේ
එලියයි මට වෙනද වගේ
නොවෙයි පිරිල සතුට හිතේ

Sunday 12 May 2013

කඳුකරය

මිහිඳුම පිරුණු කඳුකරයක ඇති වරුණ
කඩා හැලෙන දිය ඇල්ලේ ඇති මහිම
තුරුගොමු වලින් පිරුණාමයි එහි අගය
බලන්න වටිනවා උඩරට කඳුකරය

කුරුල්ලන්ගේ කිචිබිචිය
හමන සුලඟෙ ගුමුගුමුව
දිය ඇල්ලේ හඬ සමඟ
බිඳ දමනවා නිහඬ බව

මිහිඳුම් සේල පැලඳූවා සේමය
තුරු ගොමු වර්ණවත් කරනා බව සැබව
මොවුන් එක්ක කරනාවූ මෙහෙය
සොයා බැළුවොතින් නම් ඔබ අගනේය

සිරිලක දිනවමු

තිස් දවසෙන් එක් දවසක්
පන්සල් ආවට ගියාට
කරපු කියපු හැම පවක්ම
කමාවේවි හිතනවාද

ජීවත් වෙන හැම දවසෙම
අවදිවෙලා හිතන මුල්ම
සිතිවිල්ලට ඉඩක් දෙන්න
පව් කරන්නේ නෑ අද මම

හිතල කරයි නම් අද සිට
අපේ රටේ හැම දෙනාම
දිනයි නේද මුළු ලොකෙම
පුංචි අපේ මේ සිරිලක

වැරදුනු වාසිටිය

දහසක් පැතුම් කැටිකරගෙන ආව තැන
දහසක් දෙනා හමුවන මේ සොඳුරු තැන
දහසක් වෙර දරා දිනුවා සියළු දෙය
දිනුමට දෙයක් නැතිවේවිද මෙතැන මට

සුතුටු සිතින් ජීවත් වන සියළු තැන
පළමු දිනේ අපහසු වූවා නේද
අනාගාතේ හොඳ වේවා පතාගෙන
භාර ගනිමු මේ ලැබෙනා සියළු දුක

දුවගෙන ඇවිත් කියනව බයවෙන වචන
නපුරු වගේ පෙනෙනව මේ සියළු දෙන
එහෙම මවල පෙන්වල දෙන ඔබ සැවොම
කවුරුත් එකවගේ නිති බව දන්නවද

වචන කියල පෙනෙනා මේ සියළු දෙය
ඔවදන් බවක් හැඟෙනව හිතුවොත් අපම
ලස්සන වෙන්න නම් අපගේ හෙට දවස
භාර ගනිමු මේ ඔවදන් හිස් මුදුන

Saturday 11 May 2013

කවි ලියද්දි.....

හිත් බැඳි කවි පිටු           අතරේ
තනිවෙල වගේ වැලි        කතරේ
අමතක නෑ සිප්               සතරේ
ලියන අතරේ කවි            මිතුරේ

අඳුර වැටුනු පසු               නිවසේ
ලියැවෙනවා කවි              රිසිසේ
සිතිවිලි ගලනව                අඳුරේ
රල බිඳෙනව වගේ           සයුරේ

මං මුලා කල නුඹෙ           සිතේ
මගේ ගැන මතකය           ඇතේ
පල කරපු පදවැල්             පොතේ
සතර පෙල ඇත නුඹෙ       නෙතේ

ආදරෙයි මම ආදරෙද        නුඹ
කීව මතකද දොතොල සිඹ නුඹ
අතැර ගියමුත් මාව අද      නුඹ
සත්තකයි මගේ ජීවිතේ     නුඹ


Friday 10 May 2013

අපි අපේ නොවන නිසා

කවි කොලේ      පුරවලා
ලිව්ව පදවැල්     නිසා
නුඹේ සිත         හඬවලා
මටම තව ලං     කලා

නුඹේ පෙම් බර   නිසා
මාව එහි            එල්ලලා
පෙම් සයුරේ       ගිල්ලලා
නුඹ මගෙන් දුර  ගියා

ගතින් අප දුර      නිසා
සිතින් තව ලඟ    නිසා
කවුරුවත් නැති   නිසා
අපි ආයෙ ලං     වෙලා

කාගෙවත් සැප     තකා
අපි අපට බොරු   කලා
දැන් ඒව             තේරිලා
ලංවෙන්න          හදනවා

කල වැරදි වැඩ     නිසා
සදහටම වෙන්     කලා
ලංවෙන්න හැදු    නිසා
දුක අපට හිමි      වෙලා

Wednesday 8 May 2013

අම්මේ


අම්මේ
මට මතකයි ඒ කාලේ
මම පුංචි කාලේ
මගේ අතින් අල්ලන්
ඉස්කොලේ ගිය හැටි
අසනීප වුනාම
බෙහෙත් කල හැටි
හැමදේම ජයගන්න
කියාදුන්න හැටි
ඒත් අද
ඈතටම වෙලා හිටියත්
තාමත් ඒ මතකයන් තියෙනවා
හැම ප්‍රශ්ණෙදිම
දුවගෙන ගෙදර එන්න හිතුනත්
අමාරුවෙන් හිත වෙනස් කරන්
මම දුරම ඉන්නවා
කවදාම හරි දවසක
තනියම
ඔක්කෝම ප්‍රශ්ණ වලට
මුහුණදෙන්න වෙන බව දන්න නිසා
ඒත් ලඟදීම මම දුවගෙන එනවා ගෙදර
අම්මා එක්ක සතුටින් ඉන්න

Wednesday 1 May 2013

ඇත්තමද......

කඳුළු දුටුවා නුඹේ නෙතු අග‍
දුකින් සැලුනා මගේ හදවත
අමතකව ගිය නුඹේ මතකය
යලිත් පිරිලා මගේ මතකයෙ

කඳුළු අමතක කලත් ඒ දින
තවම හඬනව සැඟවිලා සිත
නුඹේ මතකය ඇවිත් සිතලඟ
කඳුළු පුරවල මගේ නෙතු අග

ඇසට නොපෙනෙන දුරක ඉඳගෙන
පෙම් කරනවා අපිම අපටම
කවුරුවත් නොදැනීම ඒ ගැන
ලංවෙලා යලි යලිත් අපටම

ඇත්තමයි ලංවෙලා මේ මට
කුමන සැපතද ලැබුනේ නුඹ හට
වරෙක හැරගොස් යලිත් එන්නට
මොකක් දැක්කද මගේ ලඟ නුඹ

වටහ ගන්නට බැහැනේ මේ මට
ඇත්තටම නුඹ ආදරෙද මට
පවසන්න මට ඇත්ත දේ නුඹ
දන්නේ නුඹ පමනක් නිසාවම