හෙටත් උදේ රන් හිරු රැස් පායද්දී
තුදුස් මසක් අප හමු වී ගත වෙද්දී
එදත් වගේ අත් පටලා ගෙන යද්දී
සදා මගෙම වෙනවද මගෙ පෙම්වන්තී
මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
Thursday, 27 June 2024
සදා මගෙම වෙනවද මගෙ පෙම්වන්තී
Wednesday, 26 June 2024
හැඟීමක්....
අප පෙර හමුවී ඇති බව
නුඹ මා මා හමුවූ පසුව දැනෙන්නේ
මෙවන් වසන්තයක්, මෙවන් සෘතුවක්
ඒ දවස තිබුණා සේ
මෙය දෛවය දෝ, මෙය මාවත දෝ
දෙහදක් ඒක ලෙස යාවෙන්නේ
කුමක් කියන්නද
ඔබ මා පෙර දා හමු වී ඇති බව
නුඹ මා හමුවූ පසුව දැනෙන්නේ
Thursday, 13 June 2024
එය ප්‍රේමයම දැයි නොදනිමි....!
මගේ සිත් සයුරට නුඹේ ඔය බැල්ම...
අයිස් කැටයක් වගේ වැටුනට...
පාවෙන්නේ දියවෙන්නේ නැතිවම...
ගිලා බැස්ස හද පතුලටම...
හෙන දාර කලු ගලක් වගේම...
ගොඩ ගන්න ඕනම වුනත්...
බැරිව ලතැවෙන්නේ...
කරුමෙට...
මට කිමිදෙන්න බැරි නිසා...
මගේම හද පතුලට...
Subscribe to:
Posts (Atom)