Thursday 17 October 2024

නුඹට කී රහස

සඳ හැකිනම් කියාපන්
මං කීව රහස
සඳ එලිය විදියට ගිහින්
රහසින්ම ඇයට...
ඇය දන්නවා ඇයට වග...
පණිවිඩය..
ඒත් නෑසුනා සේ ඉඳීවි...
නමුත්, අසා ඉඳපන්
ඇගේ හදවත හෙමින් කොඳුරාවි
මා කී දෙයම රහසක් ලෙසට..
තද කර හිඳීවි හිතේම
ඒ අපූරු රහස

Tuesday 15 October 2024

වචන....

වචන,
මිනිස්සු අඬවනව
ඒ වචනම
මිනිස්සු මරවනව
සමහර තැනක
මරව මරව ජීවත් කරවනව
ඒ වචන වලටම පුලුවන්
මැරෙන නොමැරෙන
ජීවිතයක් ජීවත් කරවන්න
අඬන මිනිස්සු හිනස්සන්න
එකම එක වචනයකින්
ජීවිතේම රිදවන්න
නොහිතාම කීවත්
සමහර කෙනෙක්ගෙ
හදවත පතුලේම රිද්දන
හරිම පුදුමයි මේ වචන
අදත්,
මාව අඬවන, මරවන,
ආයෙ ආයෙත් ජීවත් කරවන
වචන.....

Tuesday 8 October 2024

තනියට.....


 

නුඹට ලියන

නුඹෙම ලඟ එක දවසක
ලඟින් ඉඳගෙන සවසක
දෑත් පටලා හීනෙක
ඇවිද යන්නට එනවද
මගේ මියැදුන ප්‍රේමෙට
පණ දුන්නු නුඹේ මදහස
මෙයින් මතු හැම දිනයක
මටම විතරක් දෙනවද