Thursday, 17 October 2024

නුඹට කී රහස

සඳ හැකිනම් කියාපන්
මං කීව රහස
සඳ එලිය විදියට ගිහින්
රහසින්ම ඇයට...
ඇය දන්නවා ඇයට වග...
පණිවිඩය..
ඒත් නෑසුනා සේ ඉඳීවි...
නමුත්, අසා ඉඳපන්
ඇගේ හදවත හෙමින් කොඳුරාවි
මා කී දෙයම රහසක් ලෙසට..
තද කර හිඳීවි හිතේම
ඒ අපූරු රහස

1 comment:

  1. "එන්න මදනළේ ගීතය" මතක් උනා.

    ReplyDelete