Sunday, 20 April 2025

මගේ තනියට...

මගෙත් එක්කම ඇවිද යන දා...

නුඹ,

එදා,

නුඹත් එක්කම

හිරුත් හිටියා...

සඳුත් හිටියා...

සඳේ තනියට

තරුත් හිටියා...

අද,

මගේ තනියට

හිරුත් නෑ...

සඳුත් නෑ...

තනි රැකපු ඒ තරුත් නෑ...

හැමදාම ලඟ

මාත් එක්කම ඇවිද ගිය

හේමලයත් යන්නම ගිහින්...

අඩුම ගණනේ නුඹට තිබුනා...

අතැර යන්නට ඔහු

මගේ තනියට...

Saturday, 19 April 2025

රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල

වරකදි නුඹට මා පෙම් කල අතීතය
සිහිවන විටදි කඳුලැලි ඇයි නෙතු අගට
මන්දාරමක හිස් අහසම බලාගෙන
නුඹ සිහි කරමි මතු භවයක පතාගෙන

ලංවී මෙමට අත් පටලා ගිය අයුරු
මිමිණූ වදන් පෙම් මදිරා රස මියුරූ
නා දලු දෙතොල් අඩ සඳ නලලත සිඹපූ
අමතක කරනු කොහොමද හද ගැහෙන තුරූ

නිල් නෙතු නුඹේ සිහිනෙන් මා සනසවන
හිස අත ගා තවමත් පෙම් බස් දොඩන
ඉඳහිට මගේ හිත පතුලේ රිදුම් දෙන
රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල

මල දරු උපත්

දන්නවද හදවතක උපදින්න

වෙර දරන ප්‍රේමයක්

මතු දිනක ලෝකයකම

සතුටු කරවන දෙයක්

ජීවිතේ ලස්සනම

දවසකට හීනයක්

හපොයි! මහ කරුමයක්

ඒක...

මල දරු උපතක්