Wednesday, 6 November 2013

නුඹට ලියන මගේ කවි......(7)

මගේ තනියට නුඹේ හද ඇත
සඳේ එය මම දන්නවා
මගේ හද ලඟ නුඹේ රුව ඇත
සිතේ කවි එය දන්නවා
මගේ කවි වල නුඹේ ගැන ඇත
ලොවේ කවුරුත් දන්නවා
මගේ ලොව තුල නුඹේ පෙම ඇත
අපේ ගැන අපි දන්නවා

Sunday, 3 November 2013

නුඹට ලියන මගේ කවි....(6)

කවියක් හිතේ තෙරපෙනවා නුඹ නමින්
හිටියොත් අහන්නට වෙනවා මගෙ කටින්
බැලුවොත් නුඹේ ඒ කියමන හරි කමින්
වඩිමු අපේ ලෝකෙට අපි සිහිනයෙන්

නුඹට ලියන මගේ කවි.....(5)

ලියන ලියන හැම කවියම නුඹ වෙනුවෙන් වුනාවේ
සිතන සිතන හැම පැතුමම නුඹ වෙන්වෙන් වුනාවේ
තබන තබන හැම පියවර නුඹ සමඟින් වුනාවේ
ලබන ලබන හැම භවයෙම නුඹ මගෙ සඳ වුනාවේ
 කවි ලියන හිත ගාව නුඹ ඉන්නවා නම්
හිත දකින හීන වල නුඹ ඉන්නවා නම්
පෙම් කරන මා ගාව නුඹ ඉන්නවා නම්
හැමදාම නුඹව මම පණසේ රකින් නම්

Saturday, 2 November 2013

නුඹට ලියන මගේ කවි.... (4)

නුඹ සැඟවුනා මගෙ සිතිවිලි පිටි පස්සේ
මම සොයනවා නුඹ  කොයිදැයි හිත අස්සේ
කාටත් හොරෙන් අපි ආදර මදු වැස්සේ
තෙමෙමින් විඳිනවා පෙම් සුව හිත ගැස්සේ



නුඹට ලියන මගේ කවි.... (3)

මගේ ලොකෙට එලිය වුන සඳ
ලියනු බැහැ කවි නුඹ නමින්
ආදරෙයි මම සදාකාලෙට
සමුදෙනා තුරු ජීවිතෙන්

නිහඬ බැල්මට දිගැස් කෙලවර
පිරුණු කොපුලේ රත් බවත්
නැඟුනු මදහස පලල් නලලත
සිඹිමි මා රළු තොල් අගින්



නුඹට ලියන මගේ කවි ....(2)

ආදරෙයි මම කියපු නුඹටම
ලංවෙලා අතිනත් අරන් අද
ජීවිතේ මල් මාවතේ දුර
ඇවිද යනවා මුමුණමින් අප

නුඹට ලියන මගේ කවි....(1)

කාලෙකින් නුඹ ගැනත් ලියැවුන
කවි පෙලක් ඇත මගෙ අතේ
හිතුන මට පල කර බලන්නට
තාම ඇත හිස්තැන් කොලේ

ජීවිතේ බොහො දුරක් යන්නට
පතාගෙන අපි ලංවුනා
ආදරේ පිටු දෙකක් පුරවනු
තාමනම් මට බැරිවුනා

සිතට නුඹගේ දන්නවා මම
ලංවුනේ නොදැකම රුවින්
ආදරේ මම කලේ නුඹටම
තෙරුණේ නුඹෙ ආදරෙන්

දුරස් වන්නට නොහැකි විදිහට
ලංවුනේ අපි හිත් වලින්
මතුව දිනයක මගේ වනවා
සත්තකයි බිරිඳක් ලෙසින්