සඳ එළිය හෙමි හෙමින්
වැටිල මහ පොලව මත
තරුත් යන්තමින් දැන්
එබෙන හැටි එක දෙකම
වැහි දියෙන් තෙත් වෙච්චි
ගතත් වියළා දෙන්න
බලා නුඹ ඉන්නවද
දොර පියන් අතරින්ම
මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
රත් පැහැ දෙතොල් නිල් වරලස වසන කොට
සිහිනිඟ පුලුණුකුල නටවා දුවන කොට
වටකුරු මුහුණ දිගැස් වලින් බලන කොට
වටකොට පවුරු මොකටද හිත බැඳෙන කොට
රන්කඳ කියා ඇගෙ හිත ළඟ මුමුණන්න
පින්කඳ නුඹයි මගෙ හිත මතු සනසන්න
ඉන්නද කියා ඔබෙ නලලත සිපගන්න
ඇයි අද පමා මගෙ හදවත පවසන්න
හොරැහින් එබී බැලුවම ඇගෙ සවන් යුග
පැටලී තිබුනෙ තවෙකෙකුගේ වදන් වල
වස්තුව කියා ඔහු අමතන නුවන් යුග
දුටුවම බිඳුණෙ මගෙ හදවත උපන් පෙම