Friday, 12 April 2013

නුඹේ ගැන කව....

කවිය ඇහිලා නුඹ ඇහැරිලා
මගෙන් ඇහුවා කොහොමද කියලා
තනිය දැනිලා මට ලංවෙලා
හිනැහුනා නුඹ දසන් සලලා

අමතකව නෑ නුඹ ගිහින් වග
නොඑන ලෙස මා ලඟින් ඈතට
වරින් වර මට සිහිවෙද්දි එය
කඳුළු එනවා නෙතු අගිස්සට

නුඹේ සිනහව මුව පුරාවට
අවසරද මට දකින්නට තව
දත්නිසා නුඹ අහිමි බව මට
කෙලෙස පවසන්නද වදන් මම

හිතුනාට ආදරෙ කරන්නට
හදවතින් සිතුවිලි වලින්
දැනෙනවා තේරෙනව මේ මට
නොහැක ලංවී ඉඳින්නට තව

කෙටි කාලයක් වුව නුඹේ ලඟ
දැටෙමින් සුව විඳින්නට මට
කිසිඳු දවසක නොවී කරදර
අවසරද මට පෙම් කරන්නට

එළිය දෙන්නට මගේ ලෝකෙට
සොයනු බෑ කිසිවෙකුත් කිසිලෙස
නමුදු අවසර සනසවන්නට
නුඹේ හදවත ලඟින් ඉඳ

අවසරයි මතු දිනය තනිවම
යන්න නුඹ හැර වෙනෙකෙකුගෙ ලඟ
සොයනු නුඹ හට බැරිවේවි මතු
තනිය තනිවම විඳිමි මේ මම මට

Thursday, 4 April 2013

වෛර කල නොහැක මට

හිතේ මතකය මතම
සිරකරපු සිතිවිලිම
සොයනවා ඇය ගැනම
සිර කරන් කඳුළු කැට
අයිතියත් අහිමි ඇය
යලි ඇවිත් මගෙ ලඟට
දොඩමළුව මගේ ලඟ
කෙලෙස විඳිනෙද සතුට
දන්නවා නොමැති බව
දෙදෙනාට දෙදෙනාම
එහෙත් එහි වදන් ඇත
අරුතක් නොමැති වුව
අහන කියනා දෙයට
කෙලෙස පද බඳින්නද
වරක් පෙම් කල සිතට
වෛර කල නොහැක මට
එනිසාද නොදැන මම
දොඩමළුව ඉඳිමි අද
යලිත් නුඹ මතු දිනෙක
යන බවත් දැන දැනම
මොනව කියනද නුඹට
සිතාගත නොහැක මට
වරක් පෙම් කල සිතට
වෛර කල නොහැක මට
වෛර කල නොහැක මට

නුඹේ සිතිවිලි

මගේ දෙස බලා උන්
නුඹේ ඔය නෙත් දෙකෙන්
කොතෙක් නම් වතාවක්
ආදරේ කීවාද

හිතේ හිරවෙච්චි දුක්
සංකාව එක්ක මම
තනිවෙලා නිසාවෙන්
දැක්කේ නෑ ඒක මම

ආඩම්බරයි මම
වටිනකම නෑ නුඹට
කිව්ව ඒ වදන් පෙල
මතකයිද දුකින් නුඹ

ඇත්ත මම ලතැවෙනව
නුඹ නොමැති නිසා අද
හිතනවා ආයෙමත්
එවි මම නුඹෙ සිතට

වටිනවා අද නුඹව
එහෙත් නෑ මම ලගට
ඈත දුර තනිවෙච්චි
තනි තරුව වෙලා මම

මම කිව්ව හරි නේද
සිතිවිලි වදන් කර
නුඹේ සිත ඇතුලෙ මම
තාම ඉන්නව නේද?

නේද?

කවි පද එක්ක දඟ කරපු කාලේ
නුඹ මා එක්ක ඇවිද ගිය තාලේ
සිහිවෙද්දි මගේ සිත ඇතුලේ ආලේ
සඳේ නුඹ ගැනම විතරක්ම වාගේ

සොඳුර නුඹේ නිල් දෑස
පතමින් මම හැමදාට
කවදාකදිත් නුඹෙ සිතට
ආලය කෙරුවා තනිවම

හිතේ තිබ්බ දුක නැතිව
පාළුයි මට හැමදාම
නුඹ ලඟ හිටියත් මගෙම
දන්නව යන බව දුරක


දුර ඈතක ගියේ කෙලෙසද?

ආදරෙයි කියා නුඹ කොහොමද දුරක ඇදුනේ
ආදරේ කරපු සිත කොහොමද තනියම හැදුවේ
මා දැකල නුඹේ නෙතු අද අහක බලන්නේ
මට කියා දෙන්න මම විතරද ආදරෙ කෙරුවේ

ඇස් අද්දර කඳුළු බින්දු දඟ කරපු හැටී
අමතක නෑ වෙන් වෙනදා නුඹ හඬපු හැටී
වෙන්වෙනකොට නුඹේ සිතැඟි මට දැනුන හැටී
කවදාකදිවත් දැනුනේ නෑ නුඹෙ සිතට රිදී

ආදරේ වෙන්න බෑ කවදාවත් මගෙ හිතට
ලං වෙන්න ඕන වුනත් බැහැනේ ආලේ කරන්න
නුඹෙ සිනාව නොමැතිවු දා කෙලෙස හිඳිම්ද
මට කියාදෙන්න දුර ඈතක ගියේ කෙලෙසද


Tuesday, 2 April 2013

සිඳ එන්න යදම......


අද වගේ දිනෙක
නුඹ මගේ මතකෙ
හිටියනම් කෙලෙස
දැනේවිද හිතට
සත්තකයි නුඹට
සිතෙයි මතු දිනෙක
අතැර ගිය මම ම
නුඹේ මුළු ලොවම
සිතුනාට එලෙස
ලංවෙන්න නොහැක
යදම් ඇත නුඹට
සිඳ නොහැකි ලෙසට
නමුදු මගෙ සිතට
බැහැ දුරක යන්න
මතක පිටු අතර
තාම නුඹ පමණ
යදම් නැති අදම
සිතනු මතු ගැනම
සිඳිය හැකි විගස
සිඳනු එනු පිණිස

Tuesday, 19 March 2013

ආයෙත් එන්න....

මට අහිමි මගේ පෙම
මා ගැනම සොයනවා
දැන දැනත් අහිමි බැව්
අප අපටම
කවුරුවත් නොසොයන
මම ගැනම ආදරෙන්
විමසනව නිරතුරුව
මගේ තොරතුරුම
දන්නවා ඇයත් අහිමි බැව්
අප අපටම
නමුදු
සිහිවෙනවා ඈ ගැනම
නිරතුරුව මටත්
තවමත් මම
බලන් ඉන්නවා
ඒවි ඇය මා තුරුලට
මගෙම විතරක් වෙලා