Wednesday, 26 May 2021

පෝය දා සද මෙන්ම...

සඳ  එලිය වසාගෙන

අඩත්තෙට්ටම් කරන

වලාකුලු දෙක තුනක්

අහස් කුස පුරාවට

කලු කබා පොරවගෙන

දෑත් අල්ලාගෙනම

සොල්දාදුවන් මෙන්

රජ කුමරියක රකින

සඳට මා නොපෙනෙන්න

වසා රැක ගන්නට

තැත් කරන අපූරුව

පෝය දා සඳ එලිය

පවුරු වලලු අතරින්

වලාකුලු රැකවලුනගෙ

කබා රැලි අතරින්

විටින් විට හෙමි හෙමින්

එබිකම් කරන හැටි

නුඹගෙ පෙම වාගේම

Tuesday, 9 June 2020

මා දුටුව දෙවඟනට...

දිගු දෑස ක්ෂිතිජයේ
පුරා එහෙ මෙහෙ දුවන
කෙහෙරැල්ල සුළං රැලි
වැදී එහි මෙහි රඟන
හසරැල්ල සදා මා
හිත පුරාවට දවන
සුර අඟන දෙව්ලොවින්
බිමට වැඩියේ මොටද
හිතේ කෙලවර තැනක
අගුළු ලා සිර කරපු
ප්‍රේමයෙන් බිඳී ගිය
හැඟුම් පොදියේ තැනක
ඉඟියකින් ස්පර්ශ
කරපු ඒ ඇසිල්ලට
සුවපත්ව ගිය අයුර
සදාකාලික වැනිය
දෙඅත් පටලා ගනිපු
ඇඟිලි තුඩු කලබල ය
දෙනෙත් හරඹය නුඹගෙ
හද පුරා විනිවිද ය
හෙටත් මට අභිමුඛව
දකින්නට හැකිවෙයි ද
සිඹින්නට බැරි නුඹගෙ
නා දල්ල වැනි දොතොල

Friday, 5 June 2020

නුඹ

මගෙත් එක්කල තදින් අමනාප වෙච්ච හැටි
හදත් අරගෙන කොහෙද දුරක නුඹ ගියපු හැටි
නුඹත් එක්කම හින්ද හදට තනි නැතිව ඇති
මමත් එක්කම ඉන්න දිනෙක නුඹ එනව ඇති

ඇසක් අග තෙත් කරපු කදුල අද හිටපු හැටි
දිනක් තව ඉවසන්න තදින් මම කියපු හැටි
හිරුත් බැස රෑ වෙන්න මොහොතකුත් තවත් ඇති
අදත් ඇය එන්නේ නෑ නුඹට දැන් වැටුන හැකි

රෑ තිස්සේ කෑ ගහපු උල ලේන දන්නවැති
කොහේ හරි වැටිල හද විදවනව වෙන්න ඇති
ඇය අතරමං කරපු තැන සිහිය සුන්ව ඇති
‍කදුල හිටපන් ගෙදර හිත හොයන් යන්න යමි

Saturday, 14 December 2019

මම දීපු ආදරය ඒ හැමට යට ඇතී

දුර ඈත නුඹ නුඹෙ ම ලෝකයක තනිවුනා
මම තවම හිපු තැන පිපුණු මල් පරවුනා
හිත ගාව ගුලි වෙච්චි අයුරු මට සිහිවුනා
හැමට කලියෙන් නුඹට මාව අමතක වුනා

වැහි බිංදු වැටෙන කොට කුඩේ යට තනි නැද්ද
හංදියේ මාර ගහ ලට දැන් යන් නැද්ද
පංතියේ පුටු දෙකක දොඩපු ඇස් අමතකද
පෙම් කරපු වංගියේ වැට කඩුලු දැන් නැතිද

දුර තියෙන කාරෙකේ පෙම්වතා වෙන්නැතී
අත තියෙන පොට්ටනියේ කිරිකැටිය නිදි ඇතී
කර පාලු නෑ ඒව රත්තරන් වෙන්නැතී
මම දීපු ආදරය ඒ හැමට යට ඇතී


බලා නුඹ ඉන්නවද

සඳ එළිය හෙමි හෙමින්
වැටිල මහ පොලව මත
තරුත් යන්තමින් දැන්
එබෙන හැටි එක දෙකම
වැහි දියෙන් තෙත් වෙච්චි
ගතත් වියළා දෙන්න‍‍
බලා නුඹ ඉන්නවද‍‍‍
දොර පියන් අතරින්ම

Thursday, 20 September 2018

ඇය

රත් පැහැ දෙතොල් නිල් වරලස වසන කොට
සිහිනිඟ පුලුණුකුල නටවා දුවන කොට
වටකුරු මුහුණ දිගැස් වලින් බලන කොට
වටකොට පවුරු මොකටද හිත බැඳෙන කොට

රන්කඳ කියා ඇගෙ හිත ළඟ මුමුණන්න
පින්කඳ නුඹයි මගෙ හිත මතු සනසන්න
ඉන්නද කියා ඔබෙ නලලත සිපගන්න
ඇයි අද පමා මගෙ හදවත පවසන්න

හොරැහින් එබී බැලුවම ඇගෙ සවන් යුග
පැටලී තිබුනෙ තවෙකෙකුගේ වදන් වල
වස්තුව කියා ඔහු අමතන නුවන් යුග
දුටුවම බිඳුණෙ මගෙ හදවත උපන් පෙම

Wednesday, 3 May 2017

කවි කොලය

හිත අස්සෙ අත දාන
හොයනවා තවම මම
නුඹ නමට ලියා තැබු
කවි කොළය කොහිද නැත
බැලුවාම දුර මුල්ලෙ
මකුළුවෙකු වට කරපු
සුදු පාට දැල් අස්සෙ
අකුරු එදවස මගෙම
හෙමි හෙමිට ලංවුනත්
කවි කොලය කියවන්න
හරස් වුන මකුළුවා
තර්ජනය කලා මට
නුඹට දැන් කවි කොලය
නොහිමි බව දැනගන්න
කවිය නැති නුඹ අදට
ඇයගෙ තුරුලට යන්න