මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
Wednesday, 20 December 2023
ඇයිද තහනම?
Tuesday, 25 July 2023
නුඹ රැජිනක්, මම රජෙක්...
හිත්වත්කම් වල නොදැනම තැනකදි
අපි අපෙ හිත්වල ලැගුම් අරන්...
නුඹත් මගේ ලඟ ඇවටී දැවටී
ගතකල හැටි ඒ සොඳුරු දවස්...
හෙමින් හෙමින් අමතක කරල දාල
රජකම අරගෙන යන්න ගිහින්...
ඇත්තමයි නුඹ හිටියනම් මම ලඟ
නුඹ රැජිනක්, මම රජෙක්...
රාජ්‍යයක් නැතුව උනත්
හිත්වල සංතෝශය එක්ක...
ලං වෙන්න තිබුන, බාධක නොතිබුනා නම්...
බාධක බිඳල එද්දි නුඹ ගිහින්...
මං හිතනව තාමත් නුඹ රැජිණක්...
වෙන රාජ්‍යයක, වෙන රජෙකුගේ..
එතකොට මම...?
Monday, 30 January 2023
Monday, 26 September 2022
නොතේරෙන හිත්...
යසෝධරා වුනත් දැන උන්න නම්...
සිදුහත්ගේ ප්‍රශ්ණ....
එලිවෙනකම් ඇහැරිලා රකිනව....
යන්න නොදී කලුවරේම...
වෙලාවකට හිතෙනව...
වෙලාවට....
ඔය ගෑණු හිත්වලට..
නොතේරෙන්නේ...
පිරිමි හිත්වල ප්‍රශ්ණ..
තේරුණානම් කොයින් ද...
ගෞතම බුදුන්....
Tuesday, 19 July 2022
ප්‍රේමයත් වාතයක්...
ඕන නැති තැන් වලදි දලු දාන සාපයක්
ඇස් කෙවෙනි තෙත් කරන සොඳුරු එක මතකයක්
හිත අගින් සීරුවට ගලා යන කවි පෙලක්
ප්‍රේමයත් එක් වරක මහම මහ වාතයක්
පද පේලි ගලපන්න බැරි වෙච්චි එක තැනක්
නුඹේ හදවත ලඟින් ඉන්න නැහැ මට පිනක්
සිනාවක් ගෙන එන්න මගෙ ලොවට එක් වරක්
ලබාගනු බැරි නුඹේ ප්‍රේමයත් පාපයක්
හීන එකිනෙක සෙමෙන් ලං වෙද්දි මට හුඟක්
නුඹ එක්ක තැනූ ඒ මාලිගා මහ හුඟක්
හිමි නැතැයි තේරෙද්දි නුඹෙන් මට ප්‍රේමයක්
දැනෙනවා ප්‍රේමයත් මහම මහ වාතයක්
Monday, 4 July 2022
දෙනුවන් අමතා....
හදවත ගොලු වී නොකී කතා
අද පමණක් හමුවන බව දැනිලා
මටත් හොරෙන් ඇහි පිය තෙමිලා...
මටත් හොරෙන් ඇහි පිය තෙමිලා...
පෙර අප දෙදෙනා හමු වී රිසිසේ
අත් පටලා ඇවිදන් ගිය මාවතෙ
නුඹේ මතකයන් සිරකර තියලා
සෙවනැලි පමණක් ඉතිරි වෙලා...
සෙවනැලි පමණක් ඉතිරි වෙලා...
යසෝධරාවක් ලෙස නුඹ දැකලා
සසර පුරා ඉන්නයි පැතුවේ
මෙතැකැයි කියලා නිමකරනට බැරි
දුකකයි අප අද තනි වූයේ...
දුකකයි අප අද තනි වූයේ...
Thursday, 19 May 2022
සොඳුරු අප්සරා
හද කොහේ හරි තැනක නිදනවා ඇති
නුඹ කොහේ හරි තැනක හිඳිනවා ඇති
අපි අපේ ගැන හිතෙන් හිතනවා ඇති
මතු මගේ හද නුඹම පතනවා ඇති
ලං වෙන්න දෙහද හෙමි හෙමින් ඉකි ගසා
පෙම් කරන හැටි ලඟින් හිඳ හෙමින් දොඩා
මියුරු පෙම් වදන් තුල වෑහෙමින් නුරා
නුඹයි මගෙ හද අරණෙ සොඳුරු අප්සරා
රනින් කල රුවක් මෙන් මගේ හද මැදුරෙ
වෙලා මහ රැජිණි සෙමින් ඉඟි මැරුවෙ
ටිකක් ඇහුනොත් මගේ ප්‍රේමයේ සද්දෙ
මටත් රජ වෙන්න හැකි ඔබගෙ හද මැදුරෙ