Saturday 16 March 2013

පෙම් පිරූ සිත....



මගේ අඩෙවිය කියවන යාළුවනේ මම මේක ලිව්වේ නම් සිංදුවක් කරන්න. ඒත් ඒක සිංදුවක් කරන්න තරම් කෙනෙක් හොයා ගන්න නෑ. මම දන්න අය නැති නිසා. ඔයාල කවුරුහරි එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න මේක සිංදුවක් කරන්න.
මම දාපු තාලයකට මම මේක කියල මගේ මොබයිල් එකෙන් රෙකෝඩ් කලා. ඒකත් අහන්නකෝ....!
***************************************************

පෙම් පිරූ සිත නුඹෙ ගැනම කවි
ලිව්ව කිව්ව අද නෑ
දුරක ගිහින් නුඹ තරහ වෙලා අද
අපි අපෙම වුනේ නෑ

ආදරේ කලා අපී සරසවිය පුරාවට
අත් බැඳන් ගියපු හැටි කතාවුනා හැම තැනම
අපි අපේ නොවුනාට සැවොම දනි අප ගැනම
පෙම් පුරාණයක් අද සරසවියේ ඇත අපට
සරසවියෙ ඇත අපට....

පෙම් පිරූ සිත.....

ආදරෙයි ඔබට මම කිව්වෙ ඔබෙ මුවින් මට
මතු දිනෙක අපේ වෙලා ඉඳිමු එක කැදැල්ලක
තනි කරල ලෝකයට හැර ගිහින් මාව අද
යන්න ඔබ හිඳිමි මම තනිවෙලා හැමදාම
තනිවෙලා හැමදාම

පෙම් පිරූ සිත......

***********************************************************

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!