දුරකින් දුරක මම සෙව්වේ නුඹේ රුව
හදකින් දුරක මට දැනෙනව නුඹේ සුව
ඇත්තයි නුඹම විතරයි ඈතක මෙමට
ආදරෙ කියන වචනයේ නෑ මට අරුත
ජීවිතෙ කියන දේටත් නෑ වටිනකම
නුඹටම නුඹට විතරම මම පෙම් බැන්ද
හින්දද මට උරුම මේ දුක සංකාව
දෑවැදි ආභරණ වතුපිටි නොපැතු මම
ආදරෙ එක්ක පැතුවා මනුසත් කමම
ජීවිතෙ ජීවත් වෙන්න සතුටින් හැමදාමසත්තයි නුඹෙ ලඟට එනවා මතු දාක
අහිමිව අන්සතුව තිබුනත් නුඹේ නම
සත්තයි නුඹේ නම කියවෙයි සිහින වල
ඇත්තට දකින මේ නුඹගේ හැරයාම
වාවනු බෑ මගේ හදවත පතුලෙන්ම
පදවැල් ගොඩක අමුණපු ඒ නුඹේ නම
රැකගමි දෙවන තැන තියලා නුඹේ පණ
වැටිලා බිඳුණු වීදුරු මෙනි මගේ පණ
සොයලා ගන්න බෑ විසිවී හැමතැනම
No comments:
Post a Comment