Tuesday, 5 March 2013

ජීවිතයේ අඳුර......

මගේ ඇස් අග්ගිස්සේ
කඳුළු කැට බොඳ කරපු
නුඹේ ගැන ලියවෙච්චි
පෙමක් තිබුණා

තනිවෙලා මම ඉද්දි
ඇගේ නෙතු හමුවෙද්දි
නුඹේ ගැන මතකයන්
දුරක ඇදුනා

ඇගේ තුරුලට වෙද්දි
උණුහුමට ගුලි වෙද්දි
මගේ සිත කවි වලින්
පිරී තිබුණා

යලිත් නුඹ ලංවෙද්දි.
ඇගෙන් දුරටම යද්දි
නුඹ මගේ විතරක්ම
වගේ සිතුනා

මගේ නෙතු පහු කරන්
නුඹේ නෙතු දුරයද්දි
මටම මා රැවටිලා
වගේ දැනුණා

යලිත් ඈ තුරුලටම
යන්නටම හිතාගෙන
පිටුපසට ජීවිතේ
හැරිල බැලුවා

ඇයත් මා අතෑරල
ගිහින් යලි නොඑන්නට
කවි මල්ල කොතැනදැයි
තනිව සෙව්වා


2 comments:

  1. මල විකාරයි නේ වෙච්ච දේ..........
    එල..........
    එල....

    ReplyDelete
    Replies
    1. :) මොනව කරන්නද බන්

      Delete