Thursday 7 March 2013

දුක උරුම සිතින්.....!

නෙතේ කෙලවර මා රැඳුනු ලෙස
හදේ කෙලවර රැඳවියන්
ගතින් ඈතක නොවී නුඹ මා
අසල තැනකම සෙයමි මං

අනිත් අය වගෙ නොවී මම නුඹේ
හිතේ තැනකම හිටපු දෙන්
නුඹේ ගැන මම හිතපු හින්දම
මගේ දුක මට තිබුණදෙන්

කවදාක හරි මගේ ගැන නුඹේ
හිතේ තැනකට හිතුනොතින්
පවසන්න මගේ සවන කොණකට
කාලෙ පසු කර නොයවමින්

වදන් නැත මට කියාගන්නට
නුඹට ඇති පෙම සිහිවෙමින්
නුඹේ ලග නැති මගේ ලඟ ඇති
දුකම උරුම වූ පෙම් සිතින්

මියෙන තුරු මම බලා ඉන්නෙමි
නුඹ මගේ වන තුරු ඉතින්
දිනෙක නුඹ මා වනු නිසැකමයි
කියමි සත්තක කර දෙව්න්

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!