Monday, 23 June 2014

නික්ම යාම......

අප හමුවූ තැන මාවත පාලුයි
ගරා වැටි ඇත සුදු මැණිකේ
තනිකම තනියට මගේ ලඟින් ඇත
නුඹෙ සුවඳයි අඩුවක් තිබුණේ
කවදාහරි නුඹ එතැයි සිතාගෙන
මඟ බලමින් හඬමින් උන්නේ
කඳුළු සිඳී ඇත නෙතු පියවී ඇත
හදවත ඇයි හඬ නොනඟන්නේ
එදා තුරුල් වී තියාපු පියවර
අදටත් ඇයි මට සිහිවෙන්නේ
නුඹේ දෙතොල් ලඟ සුසුමේ උණුසුම
අදටත් මා සිත හඳුනන්නේ
නුඹගේ හසරැල් මතකෙට එනවිට
මා සිත තනිවම වැලපෙන්නේ
දිවිතුරු මා ලඟ ඉන්නෙමි කිව් නුඹ
ඇයි අද මේ ලෙස දුර යන්නේ


******
ආයේ කවදාවත් නොලියන්න හිතුවත් අදහස් කඩදාසියට ආවේ මටත් නොදැනිම.... මේ අන්තිම එක වෙයි මම හිතන්නේ...
********

2 comments:

  1. සුලා නියමයි.. දිගටම කරං යං.. උඹ හුලා වෙන්න නං එපා.. හැක්.. ජය

    ReplyDelete
  2. කවිය හරිම අගෙයි. ඇයි නවත්තනවා කියන්නේ. ඇයි බ්ලොගය ලියන එක නවත්වන්නේ. අපි ඉන්නවා ඔබ ලියන තුරු බලන්. මොන දේ තිබුණත් බ්ලොගය කුරුටු ගාන්න ඇයි බැරි.....

    දිගට ම ලියන මෙන් අපි ඉල්ලා සිටිනවා...

    ReplyDelete