
තරුණියක දුටිමි මම ලමැද බැඳි පොට්ටනිය
කෙමෙන් ලං වෙද්දි ඇය දුටිමි අත් පා සතර
සිඟිති බිලිෙඳෙකි ඇයගෙ හොවාගෙන පපුවතුර
ගැටෙන විට ඇගේ රුව අමතකයි අතීතය
අසුන්ගත් මහා ගස් සිටී නොදකින ලෙසට
සැනෙක හිස්වෙන අසුන ලඟම පරවුන මුහුණ
දකින විට මගේ හද නැවතුනා මෙහොතකට
නුඹේ මව් නුඹ එක්ක විඳපු දුක නොදන්නෙද
අසාපන් අදම නුඹ සිටී නම් ජීවත්ව
කියාපන් හිතුන හැටි අසුන නැති වෙන කොටම
සත්තකයි නවතීවි ඇගේ හද සදහටම
ජාතියක් වර්ගයක් නොසොයනා සිඟිති ඇස්
කරකුනා සතර අත හිනැහුනා ලොව සමඟ
විඩාබර සිත් වලට සෙනේබර සිනාවක්
එක්කලා වතාවක් මගේ හිත පුරාමත්
හති වැටුන යකඩයා වුනත් එක වතාවක්
හැරී බැලුවා සිඟිත්තා-මව්ගෙ සිනාවන්
නෙතට උනනා කඳුලු වුනත් එක වතාවක්
මතක් කෙරුවා සැමට උනුන්ගේ මව්න්වත්