ඉමක් කොනක් නැති සංසාරේ
පෙර එක දිනයක අප හමු වී ඇති
කිසිවක් නොදොඩා නොම විමසා
අද අප හමු වූ ඔය නොතු මා නෙතු
පුරුදු ඇතැයි පෙර සංසාරේ
මා පමණක්ම ද දැන සිටියේ
නිසලව නිහඬව සිටි මාගේ සිත
අවදිව නුඹ ගැනමයි ඇසුවේ
මේ භවයේදිත් අහිමිව ගොස් අද
කඳුලුම පමණයි ඉතිරි කලේ
සිතින් දරාගෙන දුරින් බලාගෙන
සිටිමුත් මා සිත හැඬවූයේ
ප්‍රේමය දුරකය නුඹ නොදැනීමය
අවිවේකී සිත ලතැවූයේ
මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
Thursday, 18 April 2024
Saturday, 30 March 2024
හිමි නොවන ප්‍රේමයක්...
නුඹේම ඇස් තාම
මගේම හිත අස්සෙ
නුඹ දන්නව මගෙ හිත ගැන
තාමත් නිහඬ උනාට
නුඹම කියද්දි නුඹේ හිත
වෙනකෙකු ලඟ බව
මම කොහොමද බිඳින්නෙ
නුඹේ පෙම
හිඳිමි නිහඬව
දුරින් හිඳගෙන
හිමිවේය පතාගෙන
හිමි නොවන ප්‍රේමයක්...
Tuesday, 26 March 2024
From the bottom of my heart
The days I saw you
The days I wished you well
The days I looked for you
The days I looked at you
Above all...
Just the day you looked at me
Remains as an immortal memory.
Sometimes...
Everything will end
As a memory...
Only in me...
Still all this...
Hiding in myself...
But, looking at me, you know...
A hidden love, in the bottom of my heart...
WHICH I will never get...
So I wish...
Have a wonderful life..
I will be watching, from far away...
Bearing a hurtful love...
in the bottom of my heart...
Wednesday, 20 March 2024
ඒක බිළිඳු ප්‍රේමයක්...
සෙව්වේම හැඩ හදවතක
දුටුවේම නුඹව එහෙම
කතා කෙරුවේම නුඹගෙ,
ඇස්....
නමුදු ...
අයිති උනේම නුඹ, ඔහුට...
පැතුවේම හිඳින්නට, ලඟම...
ප්‍රේමයක් බිඳින්නට...
නොදුන්නේම හිත, මගෙම...
නොපෙනෙන්න යවා දුරකට...
නුඹගෙ මයාකාර ඇස්...
ඉතින්... ඉවසමි... හිඳිමි... වැලපෙමි...
රහසේම...
වලදානු නොහැකිව...
බිළිඳු ප්‍රේමයක්...
Wednesday, 20 December 2023
ඇයිද තහනම?
ගාලු කොටුවේ කොටු බැම්ම මත
ක්ෂිතිජ කෙළවර ගිලෙන හිරු දෙස
ලංදේසියගෙ හිරකූඩු වල
කපල් හිටියෙම ඇස් පියාගෙන
පොලවෙ හැප්පෙන බූට් වල හඬ
කාකි කලිසම් යුනිෆෝම් වල
නිතර ඇහුනෙම 'ඔහොම හිටපිය'
ප්‍රේමයත් ඒ තරම් වැරදිද?
බැම්ම උඩ දණ ගස්සවාලා
බැටන් පොලු හරි තදින් වනලා
මරා දැම්මම බිළිඳු ප්‍රේමය
උන්.....
ලක් මවුන්ටත් පෙම් කරාවිද?
Tuesday, 25 July 2023
නුඹ රැජිනක්, මම රජෙක්...
හිත්වත්කම් වල නොදැනම තැනකදි
අපි අපෙ හිත්වල ලැගුම් අරන්...
නුඹත් මගේ ලඟ ඇවටී දැවටී
ගතකල හැටි ඒ සොඳුරු දවස්...
හෙමින් හෙමින් අමතක කරල දාල
රජකම අරගෙන යන්න ගිහින්...
ඇත්තමයි නුඹ හිටියනම් මම ලඟ
නුඹ රැජිනක්, මම රජෙක්...
රාජ්‍යයක් නැතුව උනත්
හිත්වල සංතෝශය එක්ක...
ලං වෙන්න තිබුන, බාධක නොතිබුනා නම්...
බාධක බිඳල එද්දි නුඹ ගිහින්...
මං හිතනව තාමත් නුඹ රැජිණක්...
වෙන රාජ්‍යයක, වෙන රජෙකුගේ..
එතකොට මම...?
Monday, 30 January 2023
Subscribe to:
Posts (Atom)