Sunday, 15 December 2013

විභාගය අත ලඟ

 
සතියක් දෙකක් තියමින් අපෙ විභාගය
විශයක් දෙකක් ඇණ වෙනවා සත්තකය
කරුමෙක මහත මම අවසන් වසරේය
ඇණයක් තිබුනොතින් බඩගා ආ යුතුය

රිසාල්ට් දකිනවා සිහිනෙන් බයවෙනවා
ජොබ් එක දකිනවා නිතරම බොඳ වෙනවා
ඇස් දෙක රිදෙනවා පොත් පිටු දියවෙනවා
මව් සිහිවෙලා නෙතු කඳුලින් බර වෙනවා

කාලසටහනේ  හැමතැන නෙතු යනවා
සබ්ජෙක්ට් දකිනවා පාඩම සිහිවෙනවා
කළුවර වැටෙනවා මට අමතක වෙනවා
නිදිමත නිසා මම ආයෙත් නිදියනවා

කවුරුත් බයවෙලා පාඩම් කරන කොට
මගෙ හිත බයයි වගකීමක් තියෙන කොට
අවසන් කියා මගෙ හිත මම හදන කොට
ලෙක්චරයාට වඳිනෙමි අත් එකට කොට

Thursday, 21 November 2013

නුඹට කැමති මම

මන්දහාස පාන නුඹේ නීල නයන දැක
කෙහෙරැල්ලක් දඟ කරමින් වදදෙන අන්දම
රෝස දෙකම්මුල් පිසිනා දෑඟිලි හින්දම
දැකගත්තා නුඹේ මුහුණෙ ඇති රූ සෝ බව

නුඹේ ගතේ දැවටී එන සිහිල් සුලං විඳ
නුඹ යනෙනා ලැසි ගමනේ හැඩවැඩ හින්දම
රඟදෙන නුඹෙ කෙස් කලඹේ තාලයටම මම
හිරිවැටුනා මගෙ හදවත නුඹෙ හින්දා අද

පන්සල පාමුල වැලි මළුවේ ඉන්නා විට
සඳ එලියේ දිලිසෙන නුඹෙ පිරිපුන් වත දැක
සිරවුන ඒ ආදර සිතිවිලි මා හද තුල
දිග හැරුනා කවි කරමින් නුඹෙ කන්පෙති ලඟ


ගීතයක් ලෙසින් දිගහරින්නට කැමතියි මේ පද පෙල. හැකියාවක් තිබේ නම් කෙනෙනෙකුට උදව්වක් දෙනවද?

Thursday, 7 November 2013

නුඹට ලියන මගේ කවි....(9)

මගේ සිතුවිලි නුඹේ ලඟ ඇත
නුඹේ සිතුවම දෙස බලා
හිතේ පුරවට නුඹේ රුව ඇත
දෑස පියවෙන තුරු බලා

රජෙක් නම් නෙව බිසව වෙනවද
හුදෙක් ආදරයක් නිසා
විටක් මා ලඟ තුරුළු වෙනවද
මටම ආදර හිත නිසා


Wednesday, 6 November 2013

නුඹට ලියන මගේ කවි.... (8)

ලිව්ව කවියෙ පද තුනකට මුවා වෙලා මං
සද්ද නැතුව බලන් ඉන්නෙ මගෙ සඳ එනකං
ලොවේ කොතෙක් අය ඇවිදින් හිත දුන්නත් බං
මගේ සඳෙන් සිසිල දෙන්නේ මට විතරයි බං

නුඹට ලියන මගේ කවි......(7)

මගේ තනියට නුඹේ හද ඇත
සඳේ එය මම දන්නවා
මගේ හද ලඟ නුඹේ රුව ඇත
සිතේ කවි එය දන්නවා
මගේ කවි වල නුඹේ ගැන ඇත
ලොවේ කවුරුත් දන්නවා
මගේ ලොව තුල නුඹේ පෙම ඇත
අපේ ගැන අපි දන්නවා

Sunday, 3 November 2013

නුඹට ලියන මගේ කවි....(6)

කවියක් හිතේ තෙරපෙනවා නුඹ නමින්
හිටියොත් අහන්නට වෙනවා මගෙ කටින්
බැලුවොත් නුඹේ ඒ කියමන හරි කමින්
වඩිමු අපේ ලෝකෙට අපි සිහිනයෙන්

නුඹට ලියන මගේ කවි.....(5)

ලියන ලියන හැම කවියම නුඹ වෙනුවෙන් වුනාවේ
සිතන සිතන හැම පැතුමම නුඹ වෙන්වෙන් වුනාවේ
තබන තබන හැම පියවර නුඹ සමඟින් වුනාවේ
ලබන ලබන හැම භවයෙම නුඹ මගෙ සඳ වුනාවේ
 කවි ලියන හිත ගාව නුඹ ඉන්නවා නම්
හිත දකින හීන වල නුඹ ඉන්නවා නම්
පෙම් කරන මා ගාව නුඹ ඉන්නවා නම්
හැමදාම නුඹව මම පණසේ රකින් නම්