මටම හැඟෙන පුංචි පුංචි සිතිවිලි සමුදාය වචන වලට කැටි කරල දාන්න තියෙන තැන. අදහස් තියෙනවා නම් දාන්න මෙතැනට....
Monday, 9 February 2015
Thursday, 15 January 2015
01
පුන්සඳ රෑට කියවෙන කවි මලදාන
මල්මිණි සේම ඇමිණෙනවා රවිදාට
කනකලු නාද ඇහෙනා විට මල රෑට
නුඹ සිටි හැටි සිහිවෙනවා තුරුලේම
මල්මිණි සේම ඇමිණෙනවා රවිදාට
කනකලු නාද ඇහෙනා විට මල රෑට
නුඹ සිටි හැටි සිහිවෙනවා තුරුලේම
Saturday, 10 January 2015
යන දාට.... යන අයට...
වර්ණ හැඩතල සන්තකේටම හිතේ කෙලවරකට ලියා
ඇසේ කෙලවර රැඳී සිටි නුඹෙ ආදරේ ගැන කවි කියා
උපන් දා සිට අරන් ආ මගෙ කලාවේ අද තිත තියා
යන්න යනවා කර්මයේ හැටි ඇගේ පින් මහිමය කියා
ඇසේ කෙලවර රැඳී සිටි නුඹෙ ආදරේ ගැන කවි කියා
උපන් දා සිට අරන් ආ මගෙ කලාවේ අද තිත තියා
යන්න යනවා කර්මයේ හැටි ඇගේ පින් මහිමය කියා
Friday, 3 October 2014
ලඟින් දුරස් නිසා
පිපෙන පිපෙන මල් සේරම දුර අතුවල පිපෙන්නේ
ලඟින් තියෙන මල් වල ඇයි බඹරුන් රොන් උරන්නේ
හිතේ තියෙන ආදරයට ඇයි නුඹ ඉඩ නොදෙන්නේ
මගෙ ලස්සන පුංචි කෙල්ල ඇයි නුඹ දුර ඇදෙන්නේ
නුඹයි මමයි එක් කරන්න බෑ බාධක තිබෙන්නේ
ඒත් මගේ සිත නුඹගේ සිනාවටම ඇදෙන්නේ
ඉඟි කරමින් කියන කතා තාමත් සිත රැඳෙන්නේ
තනි තරුවේ හැකිනම් මගෙ ලෝකය එලි කරන්නේ
ලඟින් තියෙන මල් වල ඇයි බඹරුන් රොන් උරන්නේ
හිතේ තියෙන ආදරයට ඇයි නුඹ ඉඩ නොදෙන්නේ
මගෙ ලස්සන පුංචි කෙල්ල ඇයි නුඹ දුර ඇදෙන්නේ
නුඹයි මමයි එක් කරන්න බෑ බාධක තිබෙන්නේ
ඒත් මගේ සිත නුඹගේ සිනාවටම ඇදෙන්නේ
ඉඟි කරමින් කියන කතා තාමත් සිත රැඳෙන්නේ
තනි තරුවේ හැකිනම් මගෙ ලෝකය එලි කරන්නේ
Tuesday, 30 September 2014
හෙමින්.........
ආදරේ මිට ගුලි කරන්
හීන ටික පොදි බැඳන්
ජීවිතේ හෙමි හෙමින්
ගෙවෙනවා රත්තරන්
අහිමි පෙම මතකයෙන්
මැකෙනවා හෙමි හෙමින්
ජීවිතේ තනිකමෙන්
ගෙවෙනවා රත්තරන්
හීන ටික පොදි බැඳන්
ජීවිතේ හෙමි හෙමින්
ගෙවෙනවා රත්තරන්
අහිමි පෙම මතකයෙන්
මැකෙනවා හෙමි හෙමින්
ජීවිතේ තනිකමෙන්
ගෙවෙනවා රත්තරන්
Monday, 23 June 2014
නික්ම යාම......
අප හමුවූ තැන මාවත පාලුයි
ගරා වැටි ඇත සුදු මැණිකේ
තනිකම තනියට මගේ ලඟින් ඇත
නුඹෙ සුවඳයි අඩුවක් තිබුණේ
කවදාහරි නුඹ එතැයි සිතාගෙන
මඟ බලමින් හඬමින් උන්නේ
කඳුළු සිඳී ඇත නෙතු පියවී ඇත
හදවත ඇයි හඬ නොනඟන්නේ
එදා තුරුල් වී තියාපු පියවර
අදටත් ඇයි මට සිහිවෙන්නේ
නුඹේ දෙතොල් ලඟ සුසුමේ උණුසුම
අදටත් මා සිත හඳුනන්නේ
නුඹගේ හසරැල් මතකෙට එනවිට
මා සිත තනිවම වැලපෙන්නේ
දිවිතුරු මා ලඟ ඉන්නෙමි කිව් නුඹ
ඇයි අද මේ ලෙස දුර යන්නේ
******
ආයේ කවදාවත් නොලියන්න හිතුවත් අදහස් කඩදාසියට ආවේ මටත් නොදැනිම.... මේ අන්තිම එක වෙයි මම හිතන්නේ...
********
ගරා වැටි ඇත සුදු මැණිකේ
තනිකම තනියට මගේ ලඟින් ඇත
නුඹෙ සුවඳයි අඩුවක් තිබුණේ
කවදාහරි නුඹ එතැයි සිතාගෙන
මඟ බලමින් හඬමින් උන්නේ
කඳුළු සිඳී ඇත නෙතු පියවී ඇත
හදවත ඇයි හඬ නොනඟන්නේ
එදා තුරුල් වී තියාපු පියවර
අදටත් ඇයි මට සිහිවෙන්නේ
නුඹේ දෙතොල් ලඟ සුසුමේ උණුසුම
අදටත් මා සිත හඳුනන්නේ
නුඹගේ හසරැල් මතකෙට එනවිට
මා සිත තනිවම වැලපෙන්නේ
දිවිතුරු මා ලඟ ඉන්නෙමි කිව් නුඹ
ඇයි අද මේ ලෙස දුර යන්නේ
******
ආයේ කවදාවත් නොලියන්න හිතුවත් අදහස් කඩදාසියට ආවේ මටත් නොදැනිම.... මේ අන්තිම එක වෙයි මම හිතන්නේ...
********
Monday, 14 April 2014
නුඹට ලියන මගේ කවි 10
නුඹට නොදැනිච්ච
මගේ පෙම් පිච්ච
මලට සිදු වෙච්ච
කරුණ ලිය වෙච්ච
දළු ලාපු පිච්ච
ගහේ අග වෙච්ච
පොහොට්ටුව පිච්ච
බිම වැටී චප්ප
හිතේ ඇති වෙච්ච
පැතුම සුන් වෙච්ච
පුදන්නට පිච්ච
මලත් නැති වෙච්ච
නමුදු නොපිපිච්ච
මලට සිදු වෙච්ච
දෙයට දුක් වෙච්ච
කුරුලෙකුගෙ කිච්ච
ඇහුන තනි වෙච්ච
හිතක් දුක් වෙච්ච
-----සුලා----
මගේ පෙම් පිච්ච
මලට සිදු වෙච්ච
කරුණ ලිය වෙච්ච
දළු ලාපු පිච්ච
ගහේ අග වෙච්ච
පොහොට්ටුව පිච්ච
බිම වැටී චප්ප
හිතේ ඇති වෙච්ච
පැතුම සුන් වෙච්ච
පුදන්නට පිච්ච
මලත් නැති වෙච්ච
නමුදු නොපිපිච්ච
මලට සිදු වෙච්ච
දෙයට දුක් වෙච්ච
කුරුලෙකුගෙ කිච්ච
ඇහුන තනි වෙච්ච
හිතක් දුක් වෙච්ච
-----සුලා----
Subscribe to:
Posts (Atom)

